April 29, 2024

එකම යතුරු පැදියේ ගිය තරුණයින් තිදෙනා මරුට

September 11, 2015

ගල්නෑව - තඹුත්තේගම මාර්ගයේ දී ඊයේ (10) පස්වරුවේ සිදු වූ රිය අනතුරක් හේතුවෙන් තරුණයින් තිදෙනෙකු මරණයට පත් ව ඇතැයි පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ඒකකයෙන් විමසූවිට සඳහන් කළේ මෙම තරුණයින් තිදෙනාම පැමිණ තිබෙන්නේ එකම යතුරු පැදියෙන් බවත් එහි වේගය පාලනය කර ගත නොහැකි ව මාර්ගයෙන් ඉවතට පැනීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවත් ය.

බරපතල තුවාල සහිත ව තඹුත්තේගම රෝහලට ඇතුළත් කළ ඔවුන් තිදෙනා එහි දී මරණයට පත් ව තිබේ.

21 හැවිරිදි චතුරංග දිසානායක, 17 හැවිරිදි ප්‍රභාත් සම්පත් සහ 18 හැවිරිදි කැලුම් සඳමාල් නැමැති පුද්ගලයින් තිදෙනා මෙලෙස මරණයට පත් ව තිබේ.

Rate this item
(0 votes)