April 29, 2024

9/11 ඛේදවාචකයට වසර 14යි

September 11, 2015

ලොව සිදු වූ දරුණුතම ත්‍රස්ථවාදී ප්‍රහාර අතුරින් එකක් වන අමෙරිකා එක්සත් ජනපදයට එල්ල වූ 9/11 ප්‍රහාරය සිදු වී අදට වසර 14ක් සපිරේ.

2001 වසරේ සැප්තැම්බර් මස 11 වෙනි දා සිදු වූ මෙම ප්‍රහාරයෙක් 2,996 ක ජනතාවක් ජීවිතක්ෂයට පත් වූ අතර 6,000කට අධික පිරිසක් තුවාල ලැබූහ.

මෙම ප්‍රහාර මාලාව ඔසාමා බින් ලාඩ්න්ගේ මෙහෙයවීමෙන් අල් කයිඩා ත්‍රස්ථවාදීන් විසින් මගී ගුවන් යානා 4ක් යොදා ගෙන සිදු කරන ලදී.

අල් කයිඩා ත්‍රස්ථවාදීන් විසින් පැහැරගත් ගුවන් යානා 3ක් ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිලි දෙකට සහ අමෙරිකාවේ ආරක්ෂක මූලස්ථානය වන පෙන්ටගන් ගොඩනැගිල්ලට කඩා වැටීමට සැලැස්වූ අතර තවත් පැහැරගත් ගුවන් යානයක් ප්‍රහාරයකට ගෙන එන අතරමග දී කඩා වැටුණි.

ගුවන් යානා ගැටී ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිලි දෙක කඩා වැටී සම්පූර්ණයෙන්ම විනාශ වුණු අතර පෙන්ටගන් ගොඩනැගිල්ලේ කොටසකට ද දැඩි අලාභ හානි සිදු විය.

වසර 14කට පෙර සිදු වූ මෙම ඛේදවාචකය සමරමින් අමෙරිකාව පුරා විවිධ සැමරුම් උත්සව අද දින සංවිධානය කර ඇත.

Rate this item
(0 votes)