April 29, 2024

ප්‍රදේශ රැසකට මහ වැසි - කොළඹ දැඩි මාර්ග තදබදයක්

September 11, 2015

කොළඹ නගරයට ඇතුළුවන සියලු මාර්ගවල වාහන තදබදයක් හට ගෙන තිබේ.
තද වර්ෂාව ඊට හේතුවී තිබේ. බත්තරමුල්ල සහ පාර්ලිමේන්තු මාර්ගයේ සිට බොරැල්ල දෙසට වාහන තදබදය දැඩි වී ඇතැයි පොලීසිය පවසා ඇත.

බස්නාහිර පළාතේ සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර වයඹ සහ දකුණු පළාත්වලවත් රත්නපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.

මේ අතර සවස 04.00න් පමණ පසු මධ්‍යම, ඌව  සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බව ද වාර්තා වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දැනුම්දීමක් කර ඇත.

එමෙන්ම දිවයින වටා මුහුදු තීරයේ සුළං ප්‍රවාහයක් වර්ධනය වන අතර ඇතැම් විට සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 ත් 80 ත් දක්වා ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් කියා ඇත්තේ.

Rate this item
(1 Vote)
Last modified on Friday, 11 September 2015 10:20