April 29, 2024

අනියම් බිරිය මැරූ විදුහල්පතිට වසර 15ක සිර දඬුවම්

September 11, 2015

අනියම් බිරිඳ වෙඩි තබා ඝාතනය කළ හබරණ, හිරිවඩුන්න ප්‍රදේශයේ හිටපු විදුහල්පතිවරයෙකුට වසර 15ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබේ.

අනුරාධපුර මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොළ මහතා විසින් අදාළ දඬුවම නියම කර ඇති අතර 2006 වසරේ ජුනි මස 4 වන දින හබරණ, හිරිවඩුන්න ප්‍රදේශයේ දී විත්තිකරු විසින් සිය අනියම් බිරිඳට වෙඩි තබා ඝාතනය කර ඇත.

විත්තිකරුට දඬුවම් නියම කරමින් විවෘත අධිකරණය හමුවේ මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කර ඇත්තේ විදුහල්පති තනතුරක සිටියදී මෙවැනි අපරාධ සිදුකිරීම බරපතළ තත්ත්වයක් බව යි.

Rate this item
(0 votes)