April 29, 2024

වැඩමුළුවට නැත්නම් නවක මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත මුදල් නෑ - අගමැති

September 11, 2015

පාර්ලිමේන්තුවේ පැවැත්වෙන මන්ත්‍රී පුහුණු වැඩමුළුවට සහභාගි නොවන නවක මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත අරමුදල් ලබා නොදෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (10) ප්‍රකාශ කළේය. 

මන්ත්‍රීවරුන් ලෙස ජනතාව පාර්ලිමේන්තුවට පත්කර එවන ලද්දේ ඔවුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටීමට බවත් එම වගකීම ඉටු කිරීමට අවශ්‍ය පුහුණුව ලබා දෙන මෙවැනි කාර්යන්ට සහභාගි නොවන මන්ත්‍රීවරුන් වෙනුවෙන් එම පියවර ගන්නා බවත් අගමැතිවරයා පැවසී ය.

එසේ සහභාගි නොවන මන්ත්‍රීවරුන්ගේ නාම‍ලේඛනය ලබන 20 වැනිදාට පෙර එවන ලෙස කථානායක කරු ජයසූරිය මහතාට දැනුම් දුන් බවද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. 

කථානායකවරයා විසින් සහතික කරනා ලද අයට පමණක් ඉදිරියේදී විමධ්‍යගත අරමුදල් ලබා දෙන බවද ඔහු පැවසී ය.

එක්සත් ජාතික පක්ෂයේ සහභාගි නොවූ නවක මන්ත්‍රීවරු සම්බන්ධයෙන් වාර්තාවක් ගෙන තමන්ට භාර දෙන ලෙස ආණ්ඩු පක්ෂ සංවිධායක කාර්යාලයට දැනුම් දුන් බවද අගමැතිවරයා සඳහන් කළේය. ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට තමන් බලා‍පොරොත්තු වන බව පෙන්වා දුන් අගමැතිවරයා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු සම්බන්ධයෙන් වාර්තාවක් ජනාධිපතිවරයා වෙත යවන්න යැයිද ඉල්ලීමක් කළේය.

 

Rate this item
(0 votes)