May 01, 2024

ඇමතිකම් ගත් මහින්ද හිතවාදීන් කියපු කතා (VIDEO)

නව ජාතික අාණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ඊයේ (09) දින දිවුරුම් දීම සිදු විය.

මෙම අමාත්‍යවරු අතර හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා සමඟ සමීපව කටයුතු කළ පිරිසක් ද සිටින අතර ටී.බී. ඒකනායක, ඩිලාන් පෙරේරා, සුමේධා ජයසේන, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, නිශාන්ත මුතුහෙට්ටිගම, නිමල් ලාන්සා වැන්නවුන් ඒ අතර වේ.

ඊයේ දින මාධ්‍ය වෙත අදහස් දැක්වූ තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධූරයෙහි දිවුරුම් දුන් ඩුලිප් විජේසේකර මහතා පැවසූවේ ජාතික ආණ්ඩුවේ අමාත්‍ය ධුර ලබාගැනීමට හිටපු මහින්ද රාජපක්ෂ මහතා නිදහස ලබාදුන් බව යි.

එමෙන්ම ඉඩම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ටී.බී ඒකනායක මහතා පැවසූවේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණු පුද්ගලයින් ලෙස සිටිනවාට වඩා, වැඩ කිරීමට හැකි ක්‍රමවේදයක් ලෙස මෙය වැදගත් වන බව යි. පසුගිය කාලයේ රාජපක්ෂ මහතා වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටි කෙනෙකු වූ ඒකනායක මහතා, පසුගිය මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතාව කුරුණෑගලට රැගෙන ඒමට මූලික වූවෙකු ද වේ.

අමාත්‍ය ධූර භාර ගත්ත ද ඉදිරියේ දීත් මහින්ද රාජපක්ෂ මහතා සමඟ කටයුතු කරන බව වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධූරයෙහි දිවුරුම් දුන් නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ප්‍රකාශ කළේ ය. එනමුත් වත්මන් පක්ෂ නායකයා වන මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සමඟ එක්ව යළි පක්ෂය ගොඩ නැඟීමට කටයුතු කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

ඊයේ දින දිවුරුම් දුන් අමාත්‍යවරු මාධ්‍ය වෙත දැක්වූ අදහස් ඇතුළත් වීඩියෝව පහතින් නරඹන්න.

Rate this item
(0 votes)
Last modified on Thursday, 10 September 2015 11:22