May 02, 2024

ලෝක සියදිවි හානි කරගැනීම වැළැක්වීමේ දිනය අද

September 10, 2015

ලෝක සියදිවි හානි කර ගැනීම වැළැක්වීමේ දිනය අදට (10) යෙදී තිබේ. ''ජීවිතය සුරකින්න සුරත දිගුකරන්න'' මෙවර ලෝක සියදිවි හානි කර ගැනීම වැළැක්වීමේ දිනයේ තේමාව වේ.

සියදිවි නසා ගැනීම වළක්වාගැනීම පිළිබඳ ජනමාධ්‍යවේදීන් දනුවත් කිරීමේ මාධ්‍ය සම්මන්ත්‍රණයක් පසුගිය දා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත් විය.

සියදිවි නසා ගැනීම වළක්වා ගැනීම සඳහා ජනමාධ්‍යයට විශාල කාර්යභාරයක් ඉටුකළ හැකි බවත් සියදිවි නසා ගැනීම් වාර්තා කරනවා නම්, ඒ දෙස ගැඹුරින් සිතිය යුතු බවත් එහි දී අදහස් දැක් වූ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මනෝවිශේෂඥ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා පැවසී ය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 10 September 2015 10:45