May 01, 2024

'ඉන්දියාව එක්ක ගිවිසුමක් ගැන මම දන්නේ නෑ' - පාඨලී

September 10, 2015

අග්‍රාමාත්‍යවරයාගේ යෝජිත ඉන්දීය සංචාරයේ දී "සීපා" ගිවිසුමට අත්සන් කිරීමේ සූදානමක් තිබේදැයි යන්න තමන් නොදන්නා බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේ ය.
 
ඊයේ (09) රාත්‍රියේ විකාශය වූ ගුවන් විදුලි වැඩසටහනක් හා එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළ අතර ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ද එවන් ගිවිසුමක් හා අත්සන් තැබීමක් සම්බ්න්ධයෙන් කිසිවක් සාකච්ඡා නොවූ බව යි රණවක මහතා පැවසූවේ.

එවැනි ගිවිසුමක් තිබේ නම් ඒ පිළිබඳව දැනුවත් කිරීමක් සිදු කළ යුතු බව පැවසූ අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ අප රටට සමීපයෙන්ම ඇති විශාලම වෙළඳපොල වන ඉන්දියාව සමග ආයෝජන ගනුදෙනු සිදුකළ යුතු බවත් එය පියවරෙන් පියවර සිදුකළ යුතු බවත් ය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 10 September 2015 09:38