May 01, 2024

'විදෙස් ගමන් අඩු කර උදෑසනින් පාර්ලිමේන්තු එන්න' - අගමැති

September 10, 2015

විදේශ ගතවීම සීමා කරන ලෙසත් පාර්ලිමේන්තු රැස්‌වීම් සඳහා උදේ වරුවේ සිටම සහභාගි වන ලෙසත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අලුතින් තේරී පත්වූ රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරුන්ගෙන් ඉල්ලා සිටියේ ය.

ඔහු මේ බව පැවසුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඊයේ (09) පැවැති නියෝජ්‍ය ඇමැතිවරු සහ රාජ්‍ය ඇමැතිවරු දිවුරුම් දීමේ උත්සවයේ දී ය.

නියෝජ්‍ය ඇමැතිවරුන් සහ රාජ්‍ය ඇමැතිවරුන් යනු පාර්ලිමේන්තු රැස්‌වීම් සඳහා එතරම් සහභාගි නොවන පිරිසක්‌ බවට ජනතාව තුළ මතයක්‌ තිබෙන බැවින් එම ඇමැතිවරුන් පළමු පැයේ සිටම පාර්ලිමේන්තු රැස්‌වීම්වලට පැමිණ හැකි ලෙස දායක විය යුතු බවත් අගමැතිවරයා අවධාරණය කළේ ය.

Rate this item
(0 votes)