May 01, 2024

ව්‍යවස්ථාදායක සභාව පළමු වරට අද රැස්වේ

September 10, 2015

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ පළමු රැස්වීම කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (10) පැවැත්වීමට නියමිතව තිබේ.
 
මුළු සාමාජිකයින් ගණන 10කින් සමන්විත ව්‍යවස්ථාදායක සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පත්කර ඇත.
 
එමෙන්ම අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ද අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා අයත් නොවන පාර්ලිමේන්තුව නියෝජනය කරන සෙසු පක්ෂවලට හිමි නියෝජිත ධුරය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ද නම් කොට තිබේ.

Rate this item
(0 votes)

Related items