May 03, 2024

ලන්සා - අරුන්දික ඇමති ධූර මාරු කර ගනී

September 09, 2015

සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමති නිමල් ලන්සා මහතා ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතා සමඟ නියෝජ්‍ය අමාත්‍ය ධූර හුවමාරු කරගෙන ඇතැයි වාර්තා වේ.

ඒ අනුව සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමති ධූරයේ දිවුරුම් දුන් නිමල් ලන්සා මහතා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධූරය භාරගෙන ඇත.

එමෙන්ම ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අරුන්දික ප්‍රනාන්දු මහතා සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ධූරය භාරගෙන තිබේ.

Rate this item
(0 votes)

Related items