May 03, 2024

පාර්ලිමේන්තුවට පිඹුරෙකු රිංගයි

September 09, 2015

ඊයේ (08) උදෑසන පාර්ලිමේන්තු සංකීර්ණයේ පවිත්‍රතා කටයුතු කරන සේවකයන් පිරිසකට එම සංකීර්ණයේ සැරිසරමින් සිටි පිඹුරෙකු සොයා ගැනීමට හැකි වී ඇත.

උගේ දිග අඩි 4ක් පමණ වී ඇති අතර පාර්ලිමේන්තුවේ ඉහළ නිලධාරීන්ට පිඹුරා පිළිබඳ දැනුම් දීමෙන් අනතුරුව ඔවුන්ගේ උපදෙස් පරිදි පාර්ලිමේන්තුවේ ආරක්ෂක කටයුතුවලට යොදාගන්නා බෝට්ටුවක් ආධාරයෙන් පිඹුරා දියවන්නා ඔයෙන් එපිට පිහිටි කැලෑබද ප්‍රදේශයකට මුදාහැරීමට කටයුතු කර තිබේ.

මීට පෙර අවස්ථාවකදී ද පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ තිබූ මල් බඳුනක් තුළ සිටි මාපිළෙකු සොයාගත් පුවතක් ද වාර්තා විය.

Rate this item
(1 Vote)