May 03, 2024

බසය හැපී වෙළඳසැළක් සම්පූර්ණයෙන්ම විනාශයි

September 09, 2015

අම්බලන්තොට මිරිජ්ජවිල මංසන්දියේ දී අද (09) උදෑසන 06.30 පමණ හම්බන්තොට සිට සුරියවැව දක්වා ගමන්ගත් පුද්ගලික මගි ප්‍රවාහන බස් රථයක් වෙළද සැලක ගැටීමෙන් වෙළද සැලට දැඩි අලාබ සිදුවී තිබේ.

එමෙන්ම අනතුර සිදුවන අවස්ථාවේ වෙළද සැලට පැමිණ සිටි පුද්ගලයෙකු ද බරපතල තුවාල ලබා හම්බන්තොට රෝහහලට ඇතුලත් කර ඇත.

බස් රථයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු ද සුළු තුවාල ලබා ඇති අතර අනතුර සම්බන්දයෙන් බස් රථය හා රියදුරු පොලිස් බාරයට ගෙන තිබේ.

අම්බලන්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

ඡායාරූප පහතින් නරඹන්න.

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 09 September 2015 16:02