May 03, 2024

ආනයනික අර්තාපල් බදු ඉහළට

September 09, 2015

සැප්තැම්බර් මස 8 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ආර්තාපල් ආනයනික බද්ද ඉහළ දැමීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ආනයනික අර්තාපල් කිලෝ ග්රෑම් එකක් වෙනුවෙන් අය කෙරෙන බද්ද රුපියල් 10කින් ඉහළ නංවා ඇති බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.

දේශීය අර්තාපල් අස්වැන්න වෙළෙඳ පොළ වෙත පැමිණීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

මේ අතර ආනයනික සීනි කිලෝවක මිල රුපියල් 12කින් වැඩිකර ඇති බවද අමාත්‍යංශය සඳහන් කරයි.

 

 

Rate this item
(0 votes)