May 03, 2024

රජයේ මංගල කැබිනට් රැස්වීමේදී පළාත් පාලන මැතිවරණය ගැන සාකච්ඡා

September 09, 2015

ජාතික ආණ්ඩුවේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (09) පෙරවරුවේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. 

එහිදී නව අමාත්‍ය මණ්ඩල රැස්වීම වෙත කැබිනට් පත්‍රිකා කිහිපයක් ඉදිරිපත් කර ඇති අතර දැනට පවතින වී මිලදී ගැනීමේ ගැටළුව පිළිබඳව අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී දීර්ඝ ලෙස සාකච්ජා කර ඇති බව වාර්තාවේ.

මීට අමතරව ඉදිරි පළාත් පාලන මැතිවරණය ලබන වසරේ පෙබරවාරි හෝ මාර්තු මාසයේ පැවැත්වීමට අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී වැඩිදුරටත් සාකච්ජා කර තිබේ. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ ක‍්‍රමවේදය පිලිබඳව සොයා බැලීමට විෂයභාර අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ද තීරණය කර ඇතැයි ආරංචි මාර්ග පවසයි. 

 

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 09 September 2015 14:13