May 04, 2024

ළමා නිවාසයක නාන කාමරය තුළ කුඩා දැරියක මරුට

September 09, 2015

කුරුවිට ප්‍රදේශයේ ළමා නිවාසයක සිටි දැරියක නාන කාමරයේ ජල භාජනයකට වැටී මරණයට පත් වී තිබේ.

වැසිකිළියට යාමෙන් පසු ජලය ගැනීම සඳහා නාන කාමරයට ගොස් ඇති දැරිය එහි තිබූ විශාල ප්‍රමාණයේ ප්ලාස්ටික් භාජනයකට වැටී මෙම අනතුර සිදුව ඇති අතර මෙසේ මියගොස් ඇත්තේ අහිංසා සිතුමිණි සහන්යා නැමැති අවුරුදු දෙක හමාරක දැරියකි.

ළමා නිවාසයේ පාළිකාව විසින් සිද්ධිය පිළිබඳ කුරුවිට පොලීසියට පැමිණිලි කර ඇති අතර මව්පියන්ගේ රැකවරණය නොමැතිව සිටි මෙම දැරිය උසාවි නියෝගයකින් ළමා නිවාසයට බාර දී ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පවසා තිබේ.

Rate this item
(2 votes)