වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට පිවිසුණ පළමු යුද ආබාධිත මන්ත්‍රීවරියයි.
දෙමළ ජාතික සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නම් කෙරුණ ඇය ප්‍රකාශ කොට ඇත්තේ තමා යුද්ධයේ දී මිසයිලයක් වැදීමෙන් කකුලක් අහිමි කර ගත් කාන්තාවක් වන බවත් එම අමිහිරි මතකය තුලින් තමා දේශපාලනය තෝරා ගත් බවත් ය.
එමෙන්ම පැවැති යුද්ධයෙන් තවමත් දුෂ්කර තත්වයට පත්ව සිටින ජනතාව වෙනුවෙන් සිය මන්ත්‍රී ධූර කාලය කැප කරන බව ද තමා පාර්ලිමේන්තුවට ආවේ ජනතාවට සේවය කිරීමට මිස අසුනක් රත් කර ගෙදර යාමට නොවන බව ද ඇය ප්‍රකාශ කොට තිබේ.
මිසයිලයෙන් විනාශ වූ සිය කකුල කපා ඉවත් කරනු ලැබීමෙන් අනතුරුව කෘත්‍රිම පාදයක ආධාරයෙන් ගමන් ගන්නා ඇය මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ නවක මන්ත්‍රීන් 63 දෙනා ගෙන් එක් අයෙකු වේ.
රජයේ සේවිකාවක් වූ ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා 2009 වසරේ පෙබරවාරි මාසයේ සිය රාජකාරියේ නිරත වෙමින් සිටිය දී මිසයිල ප්‍රහාරයට ගොදුරු වී ඇත.
ඇය එම අනතුරට ගොදුරු වන විට වන්නි දිස්ත්‍රික්කයේ තුරුක්කාලි ප්‍රදේශයේ සැලසුම් කටයුතු භාර නියෝජ්‍ය අධ්‍යක්ෂිකාව ලෙස සේවය කර තිබේ.
මන්ත්‍රීවරිය පවසා ඇත්තේ ආබාධිත පුරවැසියකු වශයෙන් ද මවක් වශයෙන් ද තමා වැනි යුද ආබාධිතයන්ට සහ තරුණ තරුණියන් වෙනුවෙන් ඉටු කළ හැකි කාර්යභාරයක් තමා සතු බව යි.
එමෙන්ම පිහිට විය යුතු ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ මෙන්ම ජාත්‍යන්තර මට්ටමින්ද හඬ නැගීම තම සැලැස්ම බව නව මන්ත්‍රීවරිය පවසා ඇත.