මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේවරයා තෝරා පත් කරගැනීමේ නිලවරණය මීට සුළු මොහොතකට පෙර මහනුවර බෞද්ධ මධ්‍යස්ථානයේ දී අවසන් වූයේ දියවඩන නිළමේ තනතුරට හිටපු දියවඩන නිළමේවරයා වන ප්‍රදීප් නිලංග දෑළ මහතාවම පත් වෙමිනි.
දියවඩන නිලමේ තනතුර සඳහා ඉදිරිපත්ව සිටි ඇම්බැක්ක කතරගම දේවාලයේ බස්නායක නිලමේ සුදන්ත සේනානායකගේ සහ චමිල කෝණාරගේ අපේක්ෂකත්වය අහෝසි වූයේ කිසිවෙකුත් ඔවුන්ගේ නම්, යෝජනා ස්ථිර නොකිරීම හේතුවෙනි.
අවසන් වූ නිළවරණයේ දී වැඩබලන දියවඩන නිලමේවරයා ලෙස සිටි හිටපු දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඡන්ද 205ක් ද, මහනුවර ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිළමේ ගයාන් හෂිල හීන්කෙන්ද මහතා ඡන්ද 53ක් ද, හිටපු දියවඩන නිලමේවරයෙකු වන නෙරංජන් විජේරත්න මහතා ඡන්ද 31ක් ද ලබා ගත්තෝ ය.