May 02, 2024

දෙමළ ජාතික සන්ධානය දෙකඩවීමේ අවධානමක්

September 08, 2015

දෙමළ ජාතික සන්ධානයේ සම්බන්ධීකරණ කමිටුව වහාම කැඳවන ලෙස එම සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතාට ඉල්ලීමක් කර ඇති බවට දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරික්ෂණයක් පැවැත්වීම පිළිබඳ දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ විවිධ මත දැරීම සම්බන්ධයෙන් අදහස් දැක්වීමේ දී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ය.

දෙමළ ජාතික  සන්ධානයේ පක්ෂ 03 ක් වූ ඊ.පී.ආර්.එල්.එෆ්. ප්ලොට් සහ ටෙලෝ යන පක්ෂ විසින් අදාල ඉල්ලීම ලිඛිතව ආර්. සම්බන්ධන් මහතාගෙන් ඉල්ලා යැවූ බව සිවාජිලිංගම් මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේ ය.

ශ්‍රී ලංකාවේ සිදු වී ඇති බව කියන යුධ අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම සඳහා දෙමළ ජාතික සන්ධානය ඒකමතිකව තීරණයකට පැමිණිය යුතු බවට බල කරමින් මෙම ලිපිය යවා තිබේ.

මෙයට ආසන්නතම සිදුවීම වී ඇත්තේ පසුගිය දා දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන පක්ෂයවන ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා විසින් පසුගිය දා වව්නියාවේ දී කරන ලද ප්‍රකාශයකි.

සේනාධිරාජා මහතා පවසා ඇත්තේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරික්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාව නොමැති බවටත් එවැනි ජාත්‍යන්තර පැවැත්වීමට ඉල්ලීම් කිරීමේ අවශයතාවක් නොමැති බවටත් ය.

දෙමළ ජාතික සන්ධානයේ මතය එය නොවන බවත් මේ සඳහා සන්ධානයේ පක්ෂ තුනක්ම අප්‍රසාදය පළ කර ඇති බවත් උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් මහතා වැඩිදුරටත් සඳහන් කළේ  ය.

වන්නි - රොමේෂ් මධූෂංඛ

 

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 08 September 2015 16:24