May 02, 2024

පොලීසියට අල්ලස් දෙන්න ගිය දෙදෙනෙක් දැලේ

September 08, 2015

ඉකුත් අගෝස්තු මස 08 වැනි දා වත්තල ප්‍රදේශයේ කුකුළු මස් ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාල ප්‍රධාන සැකකරු නිදහස් කරන ලෙස පවසා අල්ලසක් ලබාදීමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙක් අද (08) පොලීසිය සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් සැලසුම් සහගතව අත්අඩංගුවට ගනු ලැබී ය.

වත්තල කුකුළු මස් ව්‍යාපාරිකයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ගත ව සිටින වත්තල හිටපු නගර සභාපති බේරෙන ආකාරයට ක්‍රියා කිරීම සඳහා ඔහුගේ මස්සිනා සහ තවත් පුද්ගලයෙකු සපුගස්කන්ද පොලීසියේ ප්‍රධාන පරීක්ෂක පී.ජී.එස්.ආර්. සංජීව මහතාට මහර බන්ධනාගාර රථ ගාලේ දී රුපියල් ලක්ෂ 15ක අල්ලසක් ලබා දෙන අවස්ථාවේ දී ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලීසිය වත්තල හිටපු නගර සභාපතිගෙන් කටඋත්තරයක් ගැනීම සඳහා උසාවි නියෝගයක් ද ගෙන ඇත. 

ඒ අනුව බන්ධනාගාරයට ගිය අවස්ථාවේ තමා නඩුවෙන් බේරා දුන්නහොත් රුපියල් ලක්ෂ 25ක් ලබාදෙන බව පවසා ඇතැයි ද සංජීව මහතා කළ පැමිණිල්ලේ සඳහන් වේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතා මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

කළුතර - බිමල් ශ්‍යාමන් 

 

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 08 September 2015 15:43