May 02, 2024

යාපනයේ පිපිරීමක්

September 08, 2015

යාපනය මණිපායි ආලයඩි ප්‍රදේශයේ පරණ යකඩ එක් රැස් කරන ස්ථානයක ඊයේ (07) පිපිරීමක් සිදුව ඇත.

මෝටාර් බොම්බයක් මෙසේ පුපුරා ගොස් ඇති අතර අදාල පරණ යකඩ එක් රැස් කරන ස්ථානයේ යකඩ ගොඩක් තුළ තිබූ පුපුරා නොගිය මෝටාර් උණ්ඩයක් ස්ථානයේ හිමිකරු විසින් ගැලවීමට උත්සහ කිරීමේදී එය පුපුරා ගොස් ඇති බවයි යාපනය පොලීසිය පවසන්නේ.

මින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙන අතර පැරණි යකඩ එකතු කරන ස්ථානයේ හිමිකරු සහ අසළ සිටි ඔහුගේ මිතුරෙකු මෙසේ තුවාළ ලබා ඇති බව යාපනය පොලීසිය වැඩි දුරටත් කියා සිටියේ ය.

රොමේෂ් මධුශංඛ - වන්නි

Rate this item
(0 votes)
Last modified on Tuesday, 08 September 2015 14:55