May 02, 2024

අධිකරණයට අපහාස කළැයි පාඨලීට එරෙහිව පැමිණිල්ලක් 

September 08, 2015

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් විනිසුරුවරු සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් කර ඇතැයි පවසමින් නීතිඥවරුන් තිදෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ගොනු කර තිබේ.

රොෂාන් දේවින්ද රණවීර, රන්ජිත් රණසිංහ සහ නිමල් වීරක්කොඩි යන නීතීඥවරු ගොනු කළ මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය පාඨලී චම්පික රණවක, පොලිස්පති, නීතිපති නම් කර ඇත.

පසුගිය මහමැතිවරණයට සමගාමී ව ජූලි 26 පළමු වගඋත්තරකාර පාඨලී චම්පික රණවක මහතා බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවති සිය මැතිවරණ මෙහෙයුම් දියත් කීරීමේ උත්සවයේ කළ කතාවක් දෙරණ නාලිකාවේ රාත්‍රි 08.00 විකාශය කළ බවත් එම ප්‍රකාශයෙන් විනිසුරුවරුන් පිළිබඳ සඳහන් කරමින් අධිකරණයට අපහාසයක් සිදුව ඇති බවත් එම පැමිණිල්ලේ සඳහන් වේ. 

Rate this item
(0 votes)