ළමා චිත්‍රපට ඇතුළත් සීඩී තැටි ව්‍යාජ ලෙස මුද්‍රණය කර අලෙවි කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් වීඩියෝ හලක පුද්ගලයෙකුට රුපියල් 75,000 ක වන්දි මුදලක් පැමිණිකරු වෙත ගෙවීමටත්, මාස 06 ක සිර දඬුවමක් වසර 02 කට අත්හිටුවන ලෙසත් බදුල්ල මහේස්ත්‍රාත් රුවන්තිකා මාරපන මහත්මිය නියෝග කළා ය.
මෙසේ දඬුවම් නියම වූයේ බදුල්ල නගරයේ වීඩියෝ හලක පුද්ගලයෙකුටය. ජානකී සූරියආරච්චි මහත්මිය විසින් නිර්මාණය කරන ලද මෙම සීඩි තැටි ව්‍යාජ ලෙස මුද්‍රණය කිරීම පිළිබඳ පෞද්ගලික පැමිණිල්ලක් යටතේ නඩුවක් ගොනු කර තිබිණි.
ඒ අනුව අධිකරණයෙන් ලද සෝදිසි වරෙන්තුවක් මත එම වීඩියෝ හල පරීක්ෂා කිරීමේ දී ව්‍යාජ ලෙස සැකසූ සීඩී තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.