ගමට පැමිණි වන අලියා ප්‍රදේශවාසීන්ට කරදර කරන ආකාරය රූපගත කිරීමට ගිය ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් එම අලියාගේ ප්‍රහාරයට ලක් ව අවාසනාවන්ත ලෙස මරණයට පත් ව තිබේ.
ඊයේ (07) රාත්‍රියේ පාසියාවැව ප්‍රදේශයට වන අලියෙක් පැමිණ තිබේ. එම අලියා පලවා හරීමට ප්‍රදේශවාසීන් ක්‍රියා කළ ද එය ව්‍යර්ථවීම හේතුවෙන් අදාල අලියා අද (08) දිනය වනවිටත් එම ප්‍රදේශයේ හිඳ තිබේ.
එම අලියා නැවත කැලයට ගොස් නොමැති බව වාර්තා කිරීමට මෙම මාධ්‍යවේදියා තවත් මිතුරු මාධ්‍යවේදියකු සමග එම ස්ථානයට ගොස් තිබේ.
මරණයට පත් මෙම මාධ්‍යවේදියා අදාල සිදුවීම රූපගත කරමින් සිටිය දී අලියාගේ ප්‍රහාරයට ලක් ව ආවාසනාවන්ත ලෙස මරණයට පත් ව තිබේ. ඔහු මරණයට පත්වන අවස්ථාව දක්වා ඔහුගේ කැමරාව ක්‍රියාත්මක වී ඇත.
අලියාගේ ප්‍රහාරයට ලක් ව මෙම පුද්ගලයා හිඟුරක්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරු ව මරණයට පත් ව තිබේ. එලෙස මරණයට පත් ව ඇත්තේ හිඟුරක්ගොඩ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු ලෙස සේවය කළ 43 හැවිරිදි ප්‍රියන්ත රත්නායක නමැති තිදරු පියෙකි.
පොළොන්නරුව - සමීර ධනංජය