May 06, 2024

කැබිනට් ඇමති ධුරයක් ඉල්ලා අධිෂ්ඨාන පූජාවක්  

September 08, 2015

කැබිනට් ඇමතිවරුන් පත් කිරීමේ දී පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරන එක් මන්ත්‍රීවරයකුට හෝ කැබිනට් ඇමති ධුරයක් ලබා දීමට අගමැතිවරයාට සිත් පහළ වේවායි ප්‍රාර්ථනා කරමින් අධිෂ්ඨාන පුජාවක් ඊයේ (07) පස්වරුවේ හලාවත, කාක්කපල්ලිය මංසන්ධියේ දී පැවැත් විය.

එළිවිටිය ශ්‍රී ‍සුදර්ශනාරාමාධිපති කුලියාපිටියේ අමිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම අධිෂ්ඨාන පහන් පූජාව සිදුකළ අතර තෙල් පහන් සහ ඉටි පහන් අතින් ගත් පිරිස අධිෂ්ඨාන පාඨ කියමින් පුත්තලම දිස්ත්‍රික්කයට කැබිනට් ඇමති ධුරයක් නොලැබීමෙන් ජනතාවට විශාල අසාධාරණයක් සිදු වනබව පවසා තිබේ.

‍පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් වැඩිම මන්ත්‍රීවරුන් පිරිසක් පුත්තලම දිස්ත්‍රික්කයෙන් පත් කළ බව ද තම ගැටළු සම්බන්ධයෙන් කතා කිරීමට කැබිනට් ඇමතිවරයෙකු නොමැතිවීම කනස්සල්ලට කරුණක් බව ද ඔවුහු පෙන්වා දෙති.

ඡායාරූප - ලංකාදීප

Rate this item
(0 votes)
Last modified on Tuesday, 08 September 2015 09:15