May 06, 2024

බස්නාහිර - වයඹ නව මහ ඇමතිවරු දිවුරුම් දෙයි

September 08, 2015

බස්නාහිර හා වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් අද (08) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ඉසුර දේවප්‍රිය මහතාත්, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ධර්මසිරි දසනායක මහතාත් දිවුරුම් දුන් බව වාර්තා වේ.

පසුගිය මහ මැතිවරණයෙන් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර යන මහත්වරුන් පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් එම ධූර පුරප්පාඩු විය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 09 September 2015 07:12