May 06, 2024

'අල්ලස් කොමිසම විසුරුවන්නේ නෑ' - ජනපති මාධ්‍ය අංශය

September 07, 2015

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසුරුවා හැරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම කොමිෂන් සභාව මේ සතියේ විසුරුවා හැරෙන බවට ඇතැම් පුවත්පත්වල වාර්තා පළ වී තිබුණු බව එම නිවේදනයේ සදහන් කර ඇති අතර අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පිහිටුවීම, සාමාජිකයින් පත් කිරීම සහ ඉවත් කිරීම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව සිදුකළ යුතු බව එම නිවේදනයෙන් පෙන්වා දී තිබේ.

ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීමෙන් අනතුරුව කොමසාරිස්වරුන් පත් කරනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ එම නිවේදයේ වැඩිදුරටත් සදහන් වේ.

Rate this item
(0 votes)