May 06, 2024

යාල දිවියාගේ අනතුර ගැන තොරතුරකට රුපියල් 25000 ක්

September 07, 2015

රුහුණු යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක එක කොටසේ මාර්ගයක දී 2015 අගෝස්තු මස 28 වැනි දා දිවියෙකු වාහනයක ගැටී මිය යාම සම්බන්ධයෙන් අධිකරණයට පිළිගත හැකි අකාරයේ තොරතුරක් ලබා දෙන පුද්ගලයෙකුට රුපියල් 25000.00 මුදලක් ලබාදීමට සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

අද (07) විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය මේ බව සඳහන් කර ඇත.

යාල ජාතික උද්‍යානය තුළ සිදු වූ මෙම අවාසනාවන්ත සිද්ධියට වගකිව යුත්තේ කවුරුන් ද යන්න මේ වනතෙක් සොයා ගැනීමට නොහැකි වී ඇති බවත් කෙසේ වුව ද මෙම සිදුවීමට වගකිව යුතු පුද්ගලයින්ට නීතියෙන් උපරිම දඬුවම් ලබා දිය යුතු බව ද එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙස ජනතාවගෙන් ඉලා සිටී.

1) අයි. ඩබ්ලිව්. පීරිස් (ස.ල.ව.නි.නි. සංගමය - සභපති ) - 0716 - 868303

2) ඩි.සී.මහානාම (ස.ල.ව.නි.නි. සංගමය - ප්‍රධාන ලෙක්ම් ) - 0718 - 1144923

3) එස්.එ. නිමන්ත සුපන් (ස.ල.ව.නි.නි. සංගමය - භාණ්ඩාගරික ) - 0714 - 2272234  

හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි 

Rate this item
(0 votes)