May 06, 2024

බ්ලූමැන්ඩල් වෙඩි තැබීම මෙහෙයවූයේ බන්ධනාගාරයේ සිට - පොලීසිය කරුණු හෙළිකරයි (VIDEO) 

පසුගිය මැතිවරණ සමයේ කොළඹ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේදී අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ආධාරකරුවන් පිරිසකට එල්ල වූ වෙඩි ප්‍රහාරය මෙහෙයවා ඇත්තේ, ‘දෙමඩටගොඩ චමින්ද’ නමැත්තා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. 

‘දෙමඩගොඩ චමින්ද’ නමැත්තා බන්ධනාගාරයේ සිටිමින් මෙම ප්‍රහාරය මෙහෙයවා ඇති බවත් පසුගිය මැතිවරණ සමයේදී බ්ලූමැන්ඩල් ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනකු ඝාතනය කිරීමේ සිද්ධියට යොදාගත් ටී.56 ගිනිඅවිය දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින දෙමටගොඩ චමින්ද යන අයට අයිති බවට තහවුරු කරගෙන ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. 

ඔහු මේ බව පැවසූවේ අද(07) පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

අදාළ වෙඩි තැබීම සිදු කර තිබෙන්නේ නේවි නුවන් යන අය විසින් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තහවුරු කරගෙන තිබෙන බවද ඔහු සඳහන් කළේය.

පසුගිය ජුලි 31 වැනිදා කොටහේන - බ්ලූමැන්ඩල් පාර ප්‍රදේශයේදී අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ආධාරකරුවන්ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සියලූ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව හෙතෙම පැවසී ය. 

ඒ අනුව බ්ලූමැන්ඩල් වෙඩි තැබීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු 16 දෙනකු අත්අඩංගුවට ගත් බවත් සැකකරුවන් කොළඹ සහ අවට පෙදෙස්වලදී අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පැවසී ය.

මැතිවරණ සමයේ ඇමැති රවී කරුණානායක මහතාගේ ඡන්ද දැන්වීම් බෙදමින් සිටි පිරිසකට වෙඩි ප්‍රහාරයක් එල්ලවූ අතර එහිදී දෙදෙනකු ජීවිතක්ෂයට පත්වූහ.

එම වීඩියෝව පහතින් නරඹන්න

 

Rate this item
(0 votes)
Last modified on Monday, 07 September 2015 17:18