May 06, 2024

නව දියවඩන නිලමේවරයෙකු තේරීමේ නිලවරණය අද

September 08, 2015

මහනුවර ‍ඓතිහාසික ශ්‍රී දළඳා මාළිගාවේ මීළඟ දියවඩන නිලමේවරයා තෝරා පත් කර ගැනිම සඳහා පැවැත්වෙන ඡන්ද විමසීම අද (08) පස්වරු 02.00 ට මහනුවර බෞද්ධ මන්දිර ශාලාවේ දී පැවැත් වේ.

දියවඩන නිලමේ පත්කර ගැනීම සඳහා ඡන්ද අයිතිය පැරණි උඩරට රාජධානියට අයත් ප්‍ර‍දේශවල පිහිටි රජමහා විහාරස්ථානවල භාරකාර හිමිවරු, ප්‍රාදේශිය ලේකම්වරු ඇතුළු පිරිසට හිමි වේ.

වැඩ බලන දියවඩන නිලමේ ප්‍රදිප් නිලංග දෑල මහතාගේ ධුර කාලය ඉකුත්  ජූලි මස 01 වැනිදායින් අවසන් විය. එතැන් සිට දින 90 ක් තුළ ඡන්ද විමසිම සිදුකළ යුතු අතර වැඩ බලන දියවඩන නිලමේ ලෙස ප්‍රදිප් නිලංග දෑල මහතා පත් කර ඇත. දිය වඩන නිලමේවරයෙකුගේ ධුර කාලය වසර 10 කි.

වර්ෂ 1931 අංක 19 දරණ විහාර දේවාලගම් අඥා පනතට අනුව දියවඩන නිලමේවරයෙකු තෝරාපත් කරගැනීම සිදු කෙරේ. මේ වනවිට එම දියවඩන නිලමේ ධුරය සඳහා සිව් දෙනෙක් ඉදිරිපත්වන බව වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී දළදා මාලිගාවේ වැඩ බලන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දැල, හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජයරත්න, මහනුවර ශ්‍රී නාථ දේවාලයේ වත්මන් බස්‌නායක නිලමේ නීතිඥ ගයාන් හීන්කෙන්ද සහ බස්‌නායක නිලමේවරුන්ගේ පරපුරකට නෑකම් කියන එලෙසම වසර 12 ක්‌ පමණ කාලයක්‌ උඩරට දේවාලයන්හි බස්‌නායක නිලමේවරයකු ලෙස කටයුතු කළ රසික සුදන්ත පුංචිබණ්‌ඩාර සේනානායක යන මහත්වරු අපේක්‍ෂකයන් ලෙස ඉදිරිපත් වීමට නියමිත බව වාර්තාවේ.

Rate this item
(0 votes)