May 17, 2024

මගේ කටවුට් ගලවන්න - ජනපතිගෙන් නියෝගයක්

September 07, 2015

කොළඹ නගරයේ ඇතැම් ස්ථානවල ප්‍රදර්ශනය කර තිබෙන තමාගේ රුව සහිත සියලු කටවුට් වහාම ඉවත් කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාට ඉකුත් 05 වැනි දා රාත්‍රි දැනුම්දීමක් කර තිබේ. 

ජනාධිපතිවරයාගේ දැනුම්දීම අනුව නගරාධිපතිවරයා ඉකුත් 05 වැනි දා රාත්‍රියේම විශේෂ කණ්ඩායමක් යොදවා ජනාධිපතිවරයාගේ කටවුට් ඉවත් කර ඇතැයි වාර්තා වේ.

Rate this item
(0 votes)