May 17, 2024

අල්ලස් කොමිසමට නව කොමසාරිස්වරු හා සභාපතිවරයෙක්

September 07, 2015

10 දෙනෙකුගෙන් සමන්විත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් පත් කිරීම ලබන සතියේ දී සිදුකරන බව අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කළේ ය.

එහි සිවිල් සාමාජිකයින් තුන්දෙනාට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීම සැප්තැම්බර් 22 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තු සභා වාරයේදී හෝ ඊට පසුව සිදුකරන බව ද ඒ මහතා කියා සිටියේ ය.

19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව පිහිටුවන ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයා ලෙස කථානායකවරයා පත් වන අතර ව්‍යස්ථාදායක සභාව බලාත්මක වීමෙන් අනතුරුව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් හඳුන්වා දුන් ස්වාධීන කොමිෂන් සභා 10 ක් සඳහා සාමාජිකයින් පත් කිරීමට නියමිතව ඇත.

මැතිවරණ, රාජ්‍ය සේවා, පොලිස්, විගණන සේවා, මානව හිමිකම්, අල්ලස් හෝ දූෂණ, මූල්‍ය, සීමා නිර්ණය, ජාතික ප්‍රතිපාදන සහ විශ්වවිද්‍යාල කොමිෂන් සභා ඒ අතර වේ.

අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට නව සභාපතිවරයෙකු සහ නව කොමසාරිස්වරුන් පත් කිරීමට තීරණය කර ඇති බව ද විජේදාස රාජපක්ෂ කියා සිටියේ ය.

Rate this item
(0 votes)