May 17, 2024

උසස් පෙළ හෙට අවසන් - අශෝභන ලෙස හැසිරුනොත් ප්‍රතිඵල නෑ 

September 07, 2015

උසස්‌ පෙළ විභාගය අවසන්වන හෙට (08) දිනයේ කලහකාරී, අශෝභන හා විනය විරෝධී ලෙස හැසිරෙන සිසුන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

විභාගය අවසන්වීමත් සමග ඇතැම් සිසුන් මෙවැනි ක්‍රියාමාර්ගවලට යොමුවීම හේතුවෙන් විදුහල් ප්‍රධානීන් පමණක්‌ නොව ඇතැම් සිසුන් ද අපහසුතාවට පත්වෙයි.

පාසල් පරිශ්‍රය ඇතුළත එවැනි ක්‍රියාමාර්ගවලට යොමුවන සිසුන් සම්බන්ධයෙන් විදුහල් ප්‍රධානීන් හා විභාග ශාලාධිපතිවරු දැඩි අවධානය යොමු කළ යුතු බවත් පාසලෙන් පිටත දී සිසුන්ගේ හැසිරීම් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස පොලීසියට උපදෙස්‌ දී ඇති බවත් විභාග කොමසාරිස්‌ ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ඡේ. පුෂ්පකුමාර මහතා පවසයි.

පාසල් පරිශ්‍රයේ දී හෝ ඉන් පිටත දී හෝ මෙවැනි ක්‍රියාමාර්ගවල යෙදෙන සිසුන්ගේ ප්‍රතිඵල තහනම් කරන බව ද කොමසාරිස්‌වරයා වැඩිදුරටත් පැවසී ය.

 

Rate this item
(0 votes)