May 16, 2024

මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලවරණය හෙට

September 07, 2015

මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු උඩරට රාජධානියට අයත් ශ්‍රී ලංකාවේ දිස්‌ත්‍රික්‌ රැසක පුරාණ විහාරාධිපතින් වහන්සේ සහ ගිහි පැවිදි භාරකරුවන් හා නිලමේවරුන් ඇතුළු තුන්සියයක්‌ පමණ පිරිසක්‌ මහනුවර සෙංකඩගල බෞද්ධ මධ්‍යස්‌ථානයට හෙට (08) පස්‌වරුවේ රැස්‌වෙති.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ නව දියවඩන නිලමේ තෝරා පත්කර ගැනීම සඳහා බෞද්ධ කොමසාරිස්‌වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රැස්‌වීමට මෙම පිරිස එක්‌වෙති. පස්‌වරු දෙකට පමණ ආරම්භ වන මෙම රැස්‌වීමේදී ඒ සඳහා ඡන්ද විමසීම සිදුකෙරේ.

මහනුවර මල්වතු අස්‌ගිරි උභය විහාරයීය මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ සහ මහනුවර රාජධානියට අයත් වූ වයිනේ විශාල භූමි ප්‍රදේශයක්‌ ආවරණය වන පරිදි වවුනියාව සිට ගාල්ල දක්‌වා ද පුත්තලමේ සිට අම්පාර දක්‌වා ද විහිදී ඇති ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයන්හි පුරාණ විහාරාධිපති හා ප්‍රාදේශීය ලේකම්වරු ද මහනුවර නගරයේ පිහිටි ප්‍රධාන සිවු දේවාලයන්හි බස්‌නායක නිලමේවරු ද නව දියවඩන නිලමේ තෝරාපත්කර ගැනීමේ නිලවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිති.

මේ වන විට එම ප්‍රකාශයට පත්වී තිබෙන අයුරු ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දැල, හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජයරත්න, මහනුවර ශ්‍රී නාථ දේවාලයේ වත්මන් බස්‌නායක නිලමේ නීතිඥ ගයාන් හීන්කෙන්ද සහ බස්‌නායක නිලමේවරුන්ගේ පරපුරකට නෑකම් කියන එලෙසම වසර 12 ක්‌ පමණ කාලයක්‌ උඩරට දේවාලයන්හි බස්‌නායක නිලමේවරයකු ලෙස කටයුතු කළ රසික සුදන්ත පුංචිබණ්‌ඩාර සේනානායක යන මහත්වරු අපේක්‍ෂකයන් ලෙස ඉදිරිපත් වීමට නියමිතය.

දියවඩන නිලමේ කාලසීමාව වසර දහයකි.

Rate this item
(0 votes)