May 19, 2024

'විපක්ෂ නායක තේරීමේ දී කතානායක නිවැරදියි' - ගම්මන්පිල (AUDIO)

එක්සත් ජනතා නිදහස් සන්ධානය, විපක්ෂ නායක ධූරය ලබා ගැනීමට බලාපොරොත්තු වන්නේ නැති බව සඳහන් කරමින්, සන්ධානයේ නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත එජනිස මහ ලේකම් විශ්වා වර්ණපාල මහතා විසින් කතානායකවරයාට ලිපියක් භාර දී ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ ය.

එමෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අනෙකුත් මන්ත්‍රීවරුන්ගේ අනුදැනිමකින් තොරව එම ලිපිය භාරදීම සිදු වී ඇති බව ද ඒ මහතා සඳහන් කළේ ය.

ඔහු මේ අදහස් පළ කළේ විපක්ෂ නායක ලෙස ආර්. සම්බන්ධන් මහතා පත් කිරීම පිළිබඳ Asian Mirror සිදුකළ විමසීමකට පිළිතුරු දෙමිනි.

සන්ධාන මහලේකම්වරයාගේ ලිපිය පදනම් කරගනිමින් කතානායකවරයා විසින් පාර්ලිමේන්තු විපක්ෂයේ දෙවන ප්‍රධානම පක්ෂය වන දෙමළ ජාතික සන්ධානයට විපක්ෂ නායක ධූරය ලබා දීමට තීරණය කළ බව ද ගම්මන්පිල මහතා සඳහන් කළේ ය.

කතානායකවරයාගේ එම තීරණය නිවැරදි නමුත්, සන්ධානය විසින් විපක්ෂ නායක ධූරය භාර නොගන්නා බවට සඳහන් කරමින් තමුන්ට ලිපියක් ලැබී ඇති බව පාර්ලිමේන්තුව තුල සඳහන් කළ යුතුව තිබූ බවත්, එනමුත් එවැන්නක් සිදු නොවූ බවත් ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේ ය.

මෙම අදහස් දැක්වීමේ හඬපටය පහතින් ශ්‍රවණය කරන්න.

Rate this item
(2 votes)
Last modified on Saturday, 05 September 2015 15:17

Related items