May 19, 2024

ඇමති විෂයපථය ගැසට් කිරීම ලබන සතියේ

September 05, 2015

නව අමාත්‍ය මණ්ඩලය සඳහා විෂයන් ගැසට් කිරීම ලබන සතිය තුළ සිදු කරන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

අමාත්‍ය මණ්ඩලයේ නම් ගැසට් කිරීමෙන් අනතුරුව මෙය සිදු කිරීමට නියමිතයි. නව අමාත්‍ය මණ්ඩලයේ නම් අද (05) හෝ හෙට (06) දිනය තුළ රජයේ මුද්‍රණාලය වෙත ලැබීමට නියමිත බව මුද්‍රණාල ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය.

මේ අතර නියෝජ්‍ය ඇමතිවරු සහ රාජ්‍ය ඇමතිවරුන් දිවුරුම්දීම සැප්තැම්බර් මස 08 වැනි දා සිදු කිරීමට නියමිතයි.

මෙවර නියෝජ්‍ය හා රජ්‍ය අමාත්‍යවරුන් 45 දෙනෙකු පාර්ලිමේන්තුව නියෝජනය කරයි.

ඉන් රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරු 27 ක් එක්සත් ජාතික පක්ෂයට හිමිවන අතර සෙසු මන්ත්‍රීධුර හිමිවන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ය.

මේ අතර ජාතික ආණ්ඩුවේ ඇමතිධුර 48 ක් සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වුව ද ඊයේ (04) දිනය තුළ දිවුරුම් දෙනු ලැබුවේ ඇමතිවරුන් 42 දෙනෙකු පමණයි.

මීට පෙර මංගල සමරවීර මහතා විදේශ අමාත්‍යධුරයේ දිවුරුම් දෙනු ලැබී ය. ඒ අනුව සෙසු කැබිනට් අමාත්‍යධුර 05 ද 08 වැනි දා දිවුරුම්දීමට නියමිත ය.

මින් ඇමතිධුර 04 ක් නිදහස් පක්ෂයට හිමිවන අතර එක්සත් ජාතික පක්ෂයට එක් ඇමතිධුරයක් හිමිවන බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 06 September 2015 09:21