May 19, 2024

ජනමාධ්‍ය ඇමතිගෙන් මාධ්‍යවේදීන්ට උපදෙස් 

September 05, 2015

පළමුවත් දෙවනුවත් තෙවනුවත් සත්‍යය වාර්තා කරන ලෙස මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍ය ලෙස යළි දිව්රුම් දුන් ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (04) ජනාධිපති ඉදිරියේ යළි පදවිප්‍රාප්තවීම සඳහා දිව්රුම් දීමෙන් අනතුරු ව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පරිශ්‍රයේ පැවති පිළිගැනීමේ උත්සවය අමතමිනි. 

දේශපාලන ජීවිතය තුළ සිය දෑත් සෑමවිටම චෝදනාවලින් නිදහස් පිරිසිදුව තබා ගැනීමට සමත් වූ බවත් ඉදිරියටත් එසේ අවංකව චෝදනාවලින් වැළකෙමින් කටයුතු කරන බවත් අමාත්‍යවරයා එහි දී සඳහන් කළේ ය. 

පළමුවරට පසුගිය ජනවාරියේ දී තමන් සිය ධුරයේ වැඩ භාරගත් අවස්ථාවේ දී පැවසුවාක් මෙන් මාධ්‍යවේදීන් හට නිදහසේ කටයුතු කිරීමට හැකි වාතාවරණයක් සකස් කිරීමට ඉදිරියේදීත් කැපවන බව සඳහන් කළ හෙතෙම මාධ්‍යවේදීන් වෙනුවෙන් යතුරු පැදි ඇතුළු හැකි සෑම රාජ්‍ය අනුග්‍රහයක්ම ලබාදීමට කටයුතු කරන බවත් ප්‍රකාශ කළේ ය. 

ජනමාධ්‍යවේදීන් ලෙස ස්වකීය අභිමතාර්ථය පරිදි පක්ෂ පාට සමග දේශපාලන කෝණවල සිටිමින් කටයුතු නොකරන ලෙසත් අවධාරණය කළ ඒ මහතා තමා ද මෙතෙක් කාලයක් එලෙස සියලුම පක්ෂ සමග සුහදව කටයුතු කළ බවත් ඉදිරියේදීත් තමාගේ එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බවත් පැවසී ය. 

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 05 September 2015 14:42