May 19, 2024

වතු කම්කරුවන් පිරිසකට බඹර ප‍්‍රහාරයක්

September 05, 2015

හැටන් දික්ඔය වනරාජා වතුයායේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වූ බඹර ප‍්‍රහාරයක් හේතුවෙන් තේ දළු නෙළමින් සිටි කාන්තාවන් 08 දෙනෙක් සහ පිරිමි පුද්ගලයෙක් දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

අද (05) පෙරවරුවේ මෙම බඹර ප‍්‍රහාරය එල්ල වී තිබේ.

තේ පඳුරක් මත තිබූ බඹර කූඩුවක් තේ දළු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවකගේ පය ගැටීමෙන් බඹරු ඇවිස්සී තමන්ට පහරදුන් බව තුවාල ලබා දික්ඔය මූලික රෝහලේ නේවාසික ව ප‍්‍රතිකාර ලබන වතු කම්කරුවෝ සඳහන් කළහ.

හැටන් - රංජිත් රාජපක්ෂ

Rate this item
(0 votes)