May 19, 2024

අපරාධ පිළිබඳ ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුලුවක්

September 05, 2015

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය සංවිධානය කරන මාධ්‍යවේදීන් දැනුවත් කරන වැඩමුලුව අද (05) මාතලේ දී පැවැත් වේ.

මධ්‍යම පළාත් මහා අමාත්‍ය සරත් ඒකනායක ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය සභාපති නීතිවේදී බන්දුල එල්ලාල මහතා, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත මහතා, මාතලේ දිසාපති නීල් ද අල්විස් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩමුලුව පැවැත් වේ.

එහි දී ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට අපරාධ වාර්තා කිරීම හා මාධ්‍ය ආචාර ධර්ම පිළිබඳ දැනුවත් කෙරේ.

කාංචන කුමාර ආරියදාස 

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 05 September 2015 13:22