May 16, 2024

තවත් 50ක් ලබන සතියේ දිවුරුම් දෙති

September 05, 2015

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවෙන් ජාතික ආණ්ඩුවට කැබිනට් අමාත්‍යවරුන් 48 දෙනෙකුත් රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 45 දෙනෙකුත් පත්කර ගැණීමට අනුමැතිය ලබා ගැනුණි.

ඒ අතුරින් මේ වන විට කැබිනට් අමාත්‍යවරු 43 දෙනෙකු පමණක් දිව්රුම් දී ඇති අතර ඉතිරි කැබිනට් අමාත්‍යවරු 05 දෙනා ද රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු 45 දෙනා ද ලබන සතියේ දිවුරුම් දෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

කැබිනට් අමාත්‍යධූර 48න් 33ක් එජාපයටත් 15ක් නිදහස් පක්ෂයටත් හිමිවන බව ජනාධිපතිවරයා ඊයේ (04) ප්‍රකාශ කළේ ය.

රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධූර 45න් 27ක් එක්සත් ජාතික පක්‍ෂයටත් 18ක් නිදහස් පක්ෂයටත් ලැබීමට නියමිතව ඇත.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 05 September 2015 09:23

Related items