May 19, 2024

තවත් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් තිදෙනකුට ඇමති ධුර

September 05, 2015

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් පිරිසකට කැබිනට් අමාත්‍ය ධුර හිමිවීමට නියමිත බව පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ අමාත්‍යවරුන් හතලිස් දෙදෙනකු සිකුරාදා දිවුරුම් දුන් අතර, විදේශ අමාත්‍යවරයා ලෙසින් මංගල සමරවීර මීට ඉහතදී දිවුරුම් දුන්නේය.

ඒ අනුව ජනාධිපතිවරයාද සමඟ මේ වන විට කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව 44 කි.

අමාත්‍යවරුන් 48 ක් පත්කිරීම පිණිස අගමැතිවරයාට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වූ බැවින් එජාප සභාපති මලික් සමරවික්‍රම ඇතුළු තවත් අමාත්‍යවරුන් සිවු දෙනකු ඉතා ඉක්මනින්ම දිවුරුම් දෙනු ඇති බව විශ්වාස කෙරේ.

| BBC

Rate this item
(0 votes)

Related items