May 08, 2024

සරණ යළි රිමාන්ඩ්

September 04, 2015

පසුගිය මැතිවරණ සමයේ සිය බිරියගේ නීති විරෝධී දැන්වීම්වලට එරෙහි වූ එක්සත් ජාතික පාක්ෂික තරුණයකුට පහර දුන්නැයි රිමාන්ඩ් බාරයේ සිටින හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධන මහතා ලබන (09) වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි කේ. ජයතිලක මහතා නියෝග කළේය.

රාගම රෝහලේ ප්‍රතිකාර ලබන නිසා අදත් සරණ ගුණවර්ධන මහතා අධිකරණයට ඉදිරිපත් නොකරන බව බන්ධනාගාර අධිකාරිය අධිකරණයට දැනුම් දුන්නේය.

පරීක්ෂණ පවත්වා හැකි ඉක්මනින් සැකකරුගේ රෝගී තත්ත්වය ගැන අධිකරණයට වාර්තා කරන බව රාගම රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී අනුරාධා එදිරිසිංහ මහත්මිය අධිකරණයට දන්වා තිබිණි.

ඇප දීමට තරම් සුවිශේෂී කරුණු ඉදිරිපත් නොවූ බැවින් ගුණවර්ධන යළි රිමාන්ඩ් කිරීමට මහේස්ත්‍රාත් නියෝග කළේය.

Rate this item
(0 votes)