May 08, 2024

ජාතික ආණ්ඩුවේ ඇමතිවරු අද දිවුරුම් දෙති

September 04, 2015

නව රජයේ අමාත්‍ය මණ්ඩලය අද (04) දහවල් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම්දීමට නියමිතයි. 

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගී වන අතර කැබිනට් අමාත්‍යවරු 48 දෙනෙකු, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු 45 දෙනෙකු අද දිනයේ දිවුරුම්දීමට නියමිතයි. 

ඒ අනුව, ජාතික ආණ්ඩුවේ මුළු අමාත්‍ය, රාජ්‍ය අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර සංඛ්‍යාව 93 කි.

එක්සත් ජාතික පෙරමුණ වෙනුවෙන් කැබිනට් අමාත්‍ය ධුර 34 ක් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කැබිනට් අමාත්‍ය ධුර 14 ක් වෙන්වී තිබේ. 

නව අමාත්‍ය මණ්ඩලයේ විෂය පථ බෙදාගැනීමේ අර්බුදය ඊයේ (03) මධ්‍යම රාත්‍රිය තෙක් නිමා වී නොතිබීම විශේෂත්වයකි. 

 

 

Rate this item
(0 votes)