May 07, 2024

'ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගීමට සහය දෙනවා' - යුරෝපා සංගමය

September 04, 2015

ශ්‍රී ලංකාවේ හවුල්කරුවෙකු ලෙස පෙනී සිටිමින් ශ්‍රී ලංකාව මුහුණදෙන ගැටලුවලට  සහය ලබාදීමට සුදානම් බව යුරෝපා සංගමය කියයි.

ශ්‍රී ලංකාවේ යහපත් ප්‍රජාතන්ත්‍රවාදයක් ගොඩනැගීම සඳහා සහයෝගය ලබාදීම සිය අරමුණ බව යුරෝපා සංගමය ප්‍රකාශ කරයි.

පසුගිය මහමැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා පැමිණි යුරෝපා  සංගමයේ නියෝජිතයින් මෙරට සිවිල් සංවිධාන කිහිපයක් වෙත ඊයේ (03) වටිනා උපකරණ තොගයක් පිරිනැමීමක් සිදු වූ අතර එහි දී මෙම අදහස් පළ කෙරුණි.

යුරෝ 108,000ක් වටිනා ලැප්ටොප්, ටැබ්ලට්, දුරකථන ඇතුළු කාර්යාලයීය උපකරණ තොගයක් මෙහි දී පිරිනැමුණු අතර යුරෝපා මැතිවරණ සංගමයේ නියෝජිතයින් තව දුරටත් කියා සිටියේ ශ්‍රී ලංකාවේ මහමැතිවරණය අවස්ථාවේදී යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට විවිධාකාරයෙන් සහය ලබාදුන් බවයි.

ඡන්ද දායකයින් ලියාපදිංචි කිරීමට යුරෝ මිලියන 1.2ක මුදලක් ලබාදීම එහි එක් පියවරක් බවත්, සිවිල් සමාජයට සහයවීම සඳහා අද ලබාදෙන කාර්යාලයීය උපකරණ තොගය එහි අනෙක් පියවර බවත් යුරෝපා සංගමය පැවසුවේ ය.

Rate this item
(0 votes)