May 07, 2024

මෛත්‍රී උපන් දිනය සැමරූ හැටි (PHOTOS)

September 04, 2015

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ 64 වැනි ජන්ම දිනය ඊයේ දිනයට (03) යෙදී තිබූ අතර ඒ නිමිත්තෙන් ජනාධිපතිවරයා මැදිරිගිරිය මිරිස්හේන ප්‍රාථමික පාසලේ සිසු දරුවන් හට පොත්පත් බෙදා දී තිබේ. 

එම පාසලේ සිසුවෙකු විසින් ජනාධිපතිවරයාට සුප පැතුම් පතක් පිළිගන්වා ඇති අතර එම අවස්ථාව සඳහා ජනපති ආර්යා ජයන්ති සිරිසේන ඇතුළු ඔහුගේ දරුවන් ද සහභාගී වී ඇත.

එසේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මව මිය ගොස් ඊයේ දිනයට වසර 02 ක් ද සපිරෙයි. ඒ සිදුවීමත් පාදක කර ගනිමන් ඔහු මිරිස්හේන ප්‍රදේශවාසීන් සඳහා වියලි සලාක මල්ලක් බෙදා දීම ද සිදු කර ඇත.

පොළොන්නරුව - සමීර ධනංජය

 

Rate this item
(0 votes)