May 20, 2024

'කවදාවත් රට බෙදන්නේ නෑ' - සම්බන්ධන්

September 04, 2015

තමන් රට බෙදීමට විරුද්ධ බව නව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා පවසයි.

“කවදාවත් රට බෙදන්නේ නෑ. අපි රට බෙදන එකට විරුද්ධයි. අපි ඒකට කැමති නෑ. බෙදන්න කතාව  ඕන නෑ“ යනුවෙන් ඒ මහතා අදහස් පළ කොට ඇත.

නව විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ BBC ලෝක සේවය සමග අදහස් දක්වමිනි.

සිංහල ජනතාව වෙනුවෙන් කියන්න ඇත්තේ කුමක්දැයි මාධ්‍යවේදියා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු ලෙස ඒ මහතා කියා ඇත්තේ සිංහල විපක්ෂ නායකයෙකු ඉටු කරන හැමදේම තමන් විසින් සිදුකරන බවයි.

රට බෙදීමට තමන් විරුද්ධ බව සහ ඒ සඳහා ඉඩ ලබා නොදෙන බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Rate this item
(1 Vote)
Last modified on Friday, 04 September 2015 00:26

Related items