May 20, 2024

මාවන් අතපත්තු ක්‍රිකට් පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වෙයි

September 03, 2015

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ මාවන් අතපත්තු මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යොමු කර ඇති අතර එය ක්‍රිකට් ආයතනය විසින් පිළිගෙන ඇති බව වාර්තා වේ.

2014 වසරේ ඔක්තෝම්බර් මාසයේ සිට හෙතෙම මෙම ධූරය දැරූ අතර ඊට ප්‍රථම 2011 වසරේ සිට පිතිකරණ පුහුණුකරු ලෙසද කටයුතු කළේය.

මාවන් අතපත්තු ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස එක් වසරක කාලයකට තෝරා ගත්තේ, පසුගිය වසරේ සැප්තැම්බර් 19 වන දා ය.

Rate this item
(0 votes)