May 20, 2024

ඇමති ධුර ගණන වැඩි කිරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

September 03, 2015

ජාතික ආණ්ඩුවේ අමාත්‍ය ධූර වැඩිකිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගෙන එන ලද යෝජනාව වැඩි ඡන්ද 127 න් සම්මත වී ති‍බේ.

එම යෝජනාවට පක්ෂව ඡන්ද 143 ක්ද, විපක්ෂව ඡන්ද 16 ක්ද ලැබී ඇති අතර ඡන්දය විමසන අවස්ථාවේදී සභිකයින් 63 දෙනෙකු සභා ගර්භයෙහි නොසිටි බව වාර්තා වේ.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජාතික ආණ්ඩුවකට යාමකදී මිස අමාත්‍ය ධූර වැඩි කිරීමට රජයකට නොහැකි අතර මේ නිසාම අද පාර්ලිමේන්තුව තුළ මේ සම්බන්ධයෙන් පැවති විවාදය අතිශය තීරණාත්මක විය.

ජාතික ආණ්ඩුවක් ඇති කර ගැනීමට එම සංඛ්‍යාව ඉක්මවා අමාත්‍ය මණ්ඩලය පත් කිරීම සඳහා වන යෝජනාව අද සභාවේ අනුමැතියට ඉදිරිපත් කළේ, අග්‍රාමාත්‍යවරයා ය.

Rate this item
(0 votes)