May 19, 2024

නැගෙනහිර පළාත් සභාවේ මන්ත්‍රීවරුන් 05දෙනෙකුගේ පුරප්පාඩුවක්

September 03, 2015

නැගෙනහිර පළාත් සභාවේ නියෝජිතයින් 05 දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් ඇති වූ පුරප්පාඩු සඳහා නව නියෝජිතයින් පත් කිරීමට නියමිතය.

පසුගිය මහ මැතිවරණයේ දී මඩකලපුව දිස්ත්‍රික්කයෙන් 06 දෙනෙකුද, අම්පාර දිස්ත්‍රික්කයෙන් 05 දෙනෙකුද, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් 03 දෙනෙකුද අපේක්ෂකයින් 14දෙනෙකු නැගෙනහිර පළාත් සභාවෙන් තරග කළහ.

ඉන් අම්පාර දිස්ත්‍රික්කයෙන් විමලවීර දිසානායක, එම්.අයි.එම්.මන්සූර්, දයා ගමගේ යන තිදෙනා ද මඩකලපුව දිස්ත්‍රික්කයෙන් අලි සාහිර් මවුලානා හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් ඉම්රාන් මහ්රූෆ් යන පුද්ගලයින්  පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීන්වරුන් වූහ.

මෙම 05 දෙනා තම නැගෙනහිර පළාත් සභා අස්වීම් ලිපිය කලින්ම පළාත් සභා ලේකම් වෙත භාර දී තිබේ.

මෙම පුරප්පාඩු සම්පූර්ණ කරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයාට දන්වා ඇති බව ලේකම් එම්.සී.එම්.ෂරීෆ් මහතා පැවසීය.

මඩකලපුව - ජවුෆර්කාන්

Rate this item
(0 votes)