May 19, 2024

ප්‍රතිපත්ති ප්‍රකාශන ලිපි තොගයක් මොරටුව තැපෑලේ වැසිකිලි වලකින් ගොඩගනී (PHOTOS)

September 03, 2015

පසුගිය මැතිරණ සමයේ අපේක්ෂකයන් විසින් මොරටුව හා ඒ අවට ප්‍රදේශවලට බෙදාහැරීමට තිබූ ප්‍රතිපත්ති ප්‍රකාශන ඇතුළත් දේශීය විදේශිය ලිපි ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් මොරටුව ප්‍රධාන තැපැල් කාර්යාල වැසිකිලි වලේ දමා තිබිය දී සොයා ගෙන තිබේ. 

එම ලිපි ජනතාවට බෙදාදීමට තිබූ ඒවා බවත් කොන්ක්‍රීට් යොදා සීල් කර තිබිය දී පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාට ලද තොරතුරක් අනුව මෙම ලිපි තොගය සොයා ගත් බවත් වාර්තා වේ. 

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාට ලද තොරතුරකට අනුව ඔහු විසින් මොරටුව ප්‍රධාන සංවිධායක දීපාල් රුද්‍රිගු මහාතාට දැනුම් දී මොරටුව පොලීසිය සහ තැපැල්පති බී.ඒ.බී. රෝහණ අබේරත්න මහතා ඇතුළු නිලධාරීන් එක් ව ගොස් මෙම වැසිකිලි වල විවෘත කර ඇත.

ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මොරටුව පොලීසිය විසින් සිදු කරයි.

මොරටුව - ඉන්දික මනෝජ්

Rate this item
(1 Vote)